කල්පනා තරප්පුව ඉහළටම නැංගමත්
හම්බවෙන දොරට කොයි යතුරු
තනිවෙච්ච සැදෑවක වැටෙන මන්දාරමක
දම් පාට අස්සෙ ඇති සමරු
කල්මරන මන්සලක පාවෙන්නෙ එහාටද
මෙහාටද දන්නෙ නැති සිත් රූ
අන්තිමට කොහොමමුත් ඉර බහින්නෙම
බටහිරින් නැගෙනහිර එන්න දිවුරූ

තරුවකුදු නොපෑයූ කළුවරම රෑ අහස විඩාබර වලාකුළු පිරුණු
මහ වැස්ස එක්කො උඹ හයියෙන්ම අඬාපන්
තව කොහෙද ඉවසන්න කරුණු
ඒත් හරි ලස්සනයි තප්පරේකට වුනත් හැඩකරපු හැටි අහස මැරුණු
සඳ ඔහොම නිදපුදෙන්,
මේඝ චුම්බන දන්නෙ මවන්නටමයි අකුණු දරුණු...
@YEUL-CHIMMY
  • JoinedDecember 29, 2022


Following