" ඔයාට පේනවද අශ්වේන්ද්‍ර... මේ සකුරා මල්...?? ඒවා හරිම ලස්සනයි නේද... ඒත් ඔයා දන්නවාද මේ සකුරා මල් කවදාවත්ම ඔයාට සමාන කරන්න බෑ... අර අදුරු ආත්මයකින් වහගෙන හිටපු , හිනාවෙන්න අමතක වෙලා හිටපු , දවසින් දවස බිදෙයි කියලා බයේ හිටපු මාව ඔයා හරිම ලස්සනට සනීප කලා අශ්වේන්ද්‍ර... ඇකිළිලා තිබුන මගේ මල් පෙති හරිම පරිස්සමෙන් දිග අරින්න ඔයා මට කියලා දුන්නා අශ්වේන්ද්‍ර...
මේ මල් පෙති වගේම ඔයාත් හරිම සිනිදුයි... ඒත් දන්නවා ද සීත කාලෙ කොච්චර කුණාටු ආවත් සකුරා මල් ලස්සනට වසන්තය අරගෙන එනවා වගේ ඔයත්... ඔයාත් ඒ තරමටම ශක්තිමත් මනුස්සෙක් අශ්වේන්ද්‍ර... ඔයාව දැක්කම සකුරා මලක් මතක් වෙනවා වෙනුවට සකුරා මලක් දැක්කත් සකුරා මලේ නම ඇහුවත් මට මතක් වෙන්නෙ ඔයාව විතරමයි චූටි... ආයෙම මාව අදුරු ආත්මයකින් වහගත්තත්, ආයෙම මාව කෑලි වලට බිදිලා ඉරි තැලිලා ගියා වුනත් මම බය නෑ අශ්වේන්ද්‍ර.. මොකද මම දන්නවා ඔයාගෙ හයිය අත් දෙක මැද්දෙ මට හරිම පරිස්සමට මගේ පෙති දිග හරින්න පුලුවන් කියලා...
ඉතින් මගේ සකුරාවට පුලුවන් ද මේ හිටියා වගේම හැම සෘතුවකම මගේ ළගින්ම හිටගෙන ඉන්න... ???? "
~ තිසේන් නිදුවර විජේසුන්දර
මාස පහකට කිට්ටු වෙන්න අපේ ජීවිත වලට සකුරා වසන්තය අරගෙන ආපු සකුරා මල් සුවදින් අපිව සුවදවත් කරපු අපේ කටකාර හුරතල් තිසේන්ටත් එයාව හරිම පරිස්සමෙන් දරාගෙන එයාව සුව කරපු අශ්වේන්ද්‍රටත් යන්න කාලෙ ඇවිල්ලා... T﹏T
ඉතින් තව කොටස් 7 කින් චෙරි බ්ලොසම් වලට දුකින් වුනත් අපිට සමු දෙන්න වෙනවා... T﹏T
මම ඉක්මනටම ඒ කොටස් හතත් අරගෙන එන්නම් ❤️
Aurora ✨