Sohu99

මම එයාගේ ඇස් දිහාම බලන් උන්නා ... ඒ ඇස් කතා කරනවා ... ඇස්වලට බෑ කවදාවත් බොරු කරන්න..ඔයාට මනුස්සයෙක්ගෙ හදවතට එබෙන්න උවමනා නම් මුලින් එයාගේ ඇස් කියවන්න හුරුවෙන්න මොකද මිනිස්සු නිතර කතා නොකළට ඇස් කතා කරනවා හැම මිනිත්තුවක්ම තත්ත්පර හැටකින් පුරවන්...
          	
          	මං ඔයාට ආදරෙයි ...ඇස් පිල්ලන් ගහන පමාවට ඒ ඇස් මට කියද්දි තවත් තදටම මම ඒ පපුවට තුරුල් උනා ...පුංචි හාදුවක් තියන ගමන්ම ...
          	
          	
          	මේක හීනයක් නම් මට ඕනි මේ හී⁣නයේ නවතින්න..සදහටම..❤️
          	

Sohu99

මම එයාගේ ඇස් දිහාම බලන් උන්නා ... ඒ ඇස් කතා කරනවා ... ඇස්වලට බෑ කවදාවත් බොරු කරන්න..ඔයාට මනුස්සයෙක්ගෙ හදවතට එබෙන්න උවමනා නම් මුලින් එයාගේ ඇස් කියවන්න හුරුවෙන්න මොකද මිනිස්සු නිතර කතා නොකළට ඇස් කතා කරනවා හැම මිනිත්තුවක්ම තත්ත්පර හැටකින් පුරවන්...
          
          මං ඔයාට ආදරෙයි ...ඇස් පිල්ලන් ගහන පමාවට ඒ ඇස් මට කියද්දි තවත් තදටම මම ඒ පපුවට තුරුල් උනා ...පුංචි හාදුවක් තියන ගමන්ම ...
          
          
          මේක හීනයක් නම් මට ඕනි මේ හී⁣නයේ නවතින්න..සදහටම..❤️
          

Sohu99

ලෝකෙ එක එක විදිහෙ පාටවල් තිබිලත් 
          මගේ හිත ඇදෙන්නෙම සුදු පාට දේවල් වලට උනේ කොහොමද කියන්න මම දන්නෑ..
          
          වෙලාවකට ඒක මටත් පුදුමයි..
          සුදු පාට හිතට හරි සනීපයි 
          
          රතු රෝස මලකට වඩා
          සුදු රෝස මලට උණුහුම් ආදරණිය බව වැඩි
          
          රෝස පාට ටියුලිප් මලකට වඩා 
          සුදු පාට ටියුලිප් මලක රොමෑන්ටික් ගතිය වැඩි 
          
          සුදු පාට හැදෙන්නෙම පාට හතක එකතුවකින් නිසාම 
          සුදු පාටට මෙච්චරටම මම ආසත් ඇති..
          
          මාත් හත් පාට ආදර ලෝකෙ කොටසක් උන නිසාම 
          සුදු පාට මෙච්චරටම හදවතට දැනෙනවා ඇති...
          
          
          
          (පාට හතක ආදරේ වෙනම කතාවක් 
          ජොබී අක්කගෙ හත්පාට ආදරේ මතක් වෙනවා මට...)

Sohu99

Sohu99

@Reflection_in_mirror තාම ගොඩ බාන්න තැනක් හොයන ගමන් ...අයියූ අයියූ අයින් වෙන්න ඔන්න වැදුනා ගාන්න එපා පස්සෙ මට නම්ම්..දඩ ගෙවන්න බෑ හූම් 
Reply

Reflection_in_mirror

@Sohu99 කාද බුලේ මේ අහසින් ගොඩ බාපු අලුත් ඩෑල් එක..O⁠_⁠o හෙහෙ
Reply

Sohu99

මගේ 
          
          Overthinking
          Oversensitive
          Overcaring
          
          හා පැටියෙක් තරම් අහිංසක
          සුදු රෝස මල් පෙත්තකට වඩා සිනිඳු හදවතක් තියන 
          
          ආදරණිය නපුරු ළමයො 
           
          මං ඔයාට මෙච්චරයි කියලා කියන්න බැරි තරමට ආදරෙයි...
          
          මෙච්චරයි කියන්න බැරි තරමට මේ මෝඩ ගෑනු ළමයට ඔයාව ඕනා
          
          ❤️

Sohu99

අතාරින්න බැරි කමට අල්ලන් ඉදපු සමහර බැදීම් ළග තිබුණෙ 
          
          මම උඹව අතෑරියොත් උඹට හුගක් රිදෙයි කියන අසීමිත බය ... ඔව් උඹට රිදෙන්න බෑ මට රිදුනත්...
          
          මම පව් නේද..උඹ මට රිද්දන එක විතරක්ම කරද්දි එහෙම හිතපු එක..
          
          මට මාව පිලිගන්න තිබුනා..මිනිස්සු රැක්කෙම තමන්ට වටින දේයි...
          
          ආදරයයි කැමැත්තයි කියන්නෙ දෙකක්...
          
          මම උඹට ආදරය කළාට උඹ මට කැමති වෙලා උන්නා විතරයි ගිම්හාන..

Sohu99

ගිම්හාන 
          
          ම්ම් කියන්න සයාල්
          
          ආදරෙයි කියන එකෙයි ආදරේ කරන එකෙයි වෙනසක් තියනවද 
          
          ම්ම් දාලා නොයා ඉන්න එකයි  , කෙනෙක් වෙනුවෙන්ම ජීවත් වෙන එකයි දෙකක් සයාල්..
          
          ම්ම් අහන එකට කෙලින් උත්තර නොදෙන එක ඔයාගේ පුරුද්දනේ...
          
          ම්ම් සමහර දේවල් කියනවට වඩා තේරුම් ගත්තමයි වටින්නෙ තමන්ම...
          
          ම්ම් මට මම ආදරේ කරන කෙනත් එක්ක ජීවත් වෙන්නයි ඕනා ගිම්හාන...
          
          ම්ම් ආදරෙයි දාලා යන් නෑ කියනවට වඩා ඒ වචන දැනෙනවා සයාල්...
          
          ම්ම් මම කොච්චර නම් හොදද දැනෙනවානම්...
          
          සයාල් ...
          
          ම්ම් ...
          
          ඔයා ලස්සන ළමයෙක් , මට සමාවෙන්න 
          
          ම්ම් අපි දැන් ගියොත් නරකද.. ...
          
          ම්ම් පරිස්සමෙන් ...
          
          ම්ම් ඔයත්...අද අපේ මාවත් බෙදුනත් ....
          
          ආය මුනගැහෙන් නෑ සයාල්..බලන් ඉන්න එපා...
          
          ම්ම් අවසාන මොහොතෙත් රිදවනවා ඔයා...
          
          ම්ම් ආදරෙයි . 
          
          ම්ම් .. මං දන්නවා...
          
          ම්ම් ... 
          
          

Sohu99

මොකද ?
          
          මොකුත් නැහැ ?
          
          නැතිවෙන්න බෑ ...
          
          ම්ම් අහස දිහා බලන් උන්නෙ ලස්සනයි නේද ...
          
          දැන් මම අහපු එකට උත්තරේද ඕක ?
          
          ම්ම් නැහැ ..
          
          කියනවා ඇයි කියලා ...
          
          මැණික අපි වෙන් උනත් දවසක...මම කියන්නෙ අපි වෙන් වෙනවා නම් වෙන් වෙන්න ඕනා ආදරෙත් හිත් වල තියන මිනිස්සු විදිහට...තුන්වෙනියෙක් හීනයකවත් නොගෑවුනු ආදරණිය වේදනාවක් එක්ක...දන්නවද එහෙම වෙන් ... 
          
          නවත්තනවා ...
          
          අහන්නකො ඉතින්...
          
          මෙහේ එනවා තුරුල් කරගන්න මට...
          
          ම්ම් ආදරණිය මතක අපි ගාවම ඉතිරි උනොත් අහස දිහා බලද්දි මට ඔයාව මතක් වේවි හරියට...හදවත රිදුම් දෙන ආදරණිය ඇබ්බැහියක් වේවි අපේ මතක...
          
          සද්ද නොකර ඉන්නවා...
          
          ඌයි ..අතාරින්න රිදෙනවා...
          
          ඊට වඩා මට රිදෙනවා ඕවට...
          
          අපි අපේ සුදූ මැරෙනකම්ම...මට තවත් බෑ..මහන්සි මේවා..මට ඔයා එක්කම මේ ගමන ඉවරයක් කරන්න ඕනා...
          
          ම්ම් ආදරෙයි මම හුගක්...
          
          කොච්චරදද...
          
          ඔයා දන්නවා ...මගේ හැමදේම ඔයයි ...
          
          ම්ම් ආදරෙයි ... මොනවහරි කරමුද ආ ..සිල් ගත්තා ඇති දැන් මෙහේ එනවා...
          
          ( ආදරණීයම ගිම්හාන සෘතුව ....❤️)

Reflection_in_mirror

@Sohu99 දෙන්න දෙම්න ඉචිං අයියෝ
Reply

Sohu99

ඒක හරි පුදුමයි
          මුළු දවසෙම මහන්සිය 
          එකම එක ඇස් දෙකක් 
          එකම එක හිනාවක් 
          එකම එක කටහඬක්
          එකම එක රෑපයක්
          එක තත්ත්පරෙන් නැති කරලා දාන විදිහ....
          
          මට ඔයාව මුණගැහෙනකම් ඒ වගේ ප්‍රාතිහාර්ය කරන්න පුලුවන් මින්ස්සුන්ව මම දැකලා තිබුණෙ කතා පොත් ඇතුළෙම විතරයි...❤️
          
          අරලිය මල් සුවඳ මැද්දට වෙලා 
          හාදු තියන්න එනවද ඉතින්
          
          මට හරි පාළුයි දුරට වෙලාම 
          බලන් ඉදලා...
          
          
          ( හේ හේ කතාවක් coming soon...)

Sohu99

@Reflection_in_mirror කියන්නෙම නෑමයි හුහ්
Reply

Reflection_in_mirror

කියන්නතු අයියයෝ
Reply

Reflection_in_mirror

@Sohu99 මොකත්ත මොකත්ත ඒ?
Reply

Sohu99

හැඟීම් , ආදරය , ජීවිතය ,මරණය ,හිනාව ,කඳුළු ,බර හුස්මවල් , තනිකම , අත්හැරීම , බලාහිදිම් ...
          සමහරු විදිද්දි සමහරු විදවන ...  
          
          අවාරෙක අහම්බෙන් ...❤️ 
          
          පැටලෙන්නම  බෑද සසරක් යන ඇස් දෙකක් 
          බැදෙන්නම බෑද එහෙව් හිත් දෙකක්...  
          
          
          කියවලා බලන්නකො ලස්සන කතාවක් ...❤️
          
           සූටි මැණිකෙ ඉවර කරාපියව් මේක හුහ් ..
          https://www.wattpad.com/story/359214138

Reflection_in_mirror

@Sohu99 තැන්කූ ಥ⁠_⁠ಥ❤️ හුම්ම් කොලන්නං
Reply