2021 සිට මේ දක්වා මාව වට්පෑඩ් එකෙන් කියවපු සහ කියවමින් සිටින රීඩර්ස්ලා හැමෝටම ගොඩාක් ස්තූතියි ඒ දුන්නු ආදරේට. පටන් ගත්ත අග්නි මාරුත සහ සුව හස් නිමා වුණාම මම ලියන එක ටික කාලෙකට නවත්තනවා. පුද්ගලික ජීවිතේ ලොකු වෙනස්වීම් කීපයක් ඉස්සරහට වෙන්න නියමිත නිසා දැන්ම ඔයාලව දැනුවත් කරලා තියන එක හොඳයි කියලා හිතුනා. ඒ කාලෙ අපි ලිව්වෙ මානසික පීඩනය නිදහස් කරගන්න වුණාට දැන් ලිවීම කියන්නෙ වෙනම මානසික පීඩනයක් කියලා දැනෙනවා නම් මම හිතන්නෙ දැන් තමයි නතර වෙන්න හොඳම වෙලාව.
අවුරුදු හතරක් පුරා හරිම හිමින් සුන්දරව ගොඩන්නැගුණ කියවන පිරිසක් තමයි මට ඉන්නෙ. ඉතින් තව මාස කිහිපයක් තියෙනවා නෙ, අපි සතුටින් වෙන්වෙමු. තව එක කතාවක් තියෙනවා, ඒ තමයි ඉල්. ඒක මම ලිව්වට සමාජ මාධ්‍යයේ පල කරන්නෙ නෑ. ඒක 2026 දි බොහො විට e book එකක් වේවි කියලා හිතමු...
" You can't tell who is just and who is evil, who is black and who is white. " The Untamed
" As long as the sea is bound to wash up the sand, and the stars are above you we will meet again. " Wei Wuxian - The Untamed