JeoNikky

Hi ❤

MHW_23

@JeoNikky  අනේ!! මං හිතුවේ අක්කට හැම මැසේජ් එකක්ම බලන්න බැරි නිසා  reply කරන්නේ නැතුව ඇති කියලා අනේ හරිම සතුටුයි අප්පා  
            ඔව් ඔව් අධෝරක්ත කියවනවා අක්කේ අනේ ඒකත් මාර ලස්සනයි අනේ ඒත් හේමදෝලි හදවතට දැනෙනවා වැඩි 
• Reply

JeoNikky

@MHW_23 ඔයාගෙ මේ මැසේජ් එක මම දැක්කේ දැන්.....නොටිෆිකේශ්න් අස්සේ හැංගිලා යන්න ඇති....ස්තූතියි හේමදෝලි වෙනුවෙන් දෙන මේ ආදරේට....❤️❤️✨️✨️ මාත් ආදරෙයි ඒ කතාවට...ඔයා අධෝරක්තත් කියවනවා නේද?❤️
• Reply

MHW_23

@JeoNikky  අනේ අක්කේ හේමදෝලි නම් පිස්සුවක්‌ මට තේරෙන්නේ නෑ ඒක කියන්න, ඒක මට නිකන් ඇත්තම වගේ දැනෙනවා, මට හිතාගන්න බෑ ඔයා කොහොමද එච්චර realistic විදියට ලියන්නේ කියලා
            අධෝරක්ත එකත් සුපිරියක් තමයි ඒකටත් දියවෙලා යනවා තමයි ඒක හරි ඒත් හේමදෝලි ඒකා ඊටත් වඩා දැනෙනවා.... 
            සමහරවිට මම නුවර නිසා ඒ places මට ගොඩක් ළඟ නිසා එහෙම දැනෙනවාද  දන්නෙත් නෑ ඒ කොහොම උනත් මට මෙයාල ඇත්තටම ඉන්නවා වගේ මේ කතාව ඇත්තටම කොහෙහරි වෙනවා වගේමයි දැනෙන්නේ. 
            ඔයා කියන්නේ සතියට එන chapter එක මම සතියෙම ආය ආය කියවනවා. ආපුම දවසේ කියවල ඊළඟ දවසේ තමයි ආය කියවල comments දාන්නේ, ඊටපස්සේ ඊටත් පස්සේ දවසේ ආයෙම කියවනවා. ආසම කොටස් ආය ආය ඇති හිතෙන්කන්ම කියවනවා. අනික අක්කේ මේක මුල ඉඳන් කීපාරක් කියෙව්වත් එපා වෙන්නේ නෑ. කලින් කියවද්දී ආපු ෆීලින්ග් එක ඒ විදියටම ආයෙත් දැනෙනවා අලුතින්ම කියවනවා වගේම, මට නම් තේරෙන්නේ නෑ අක්කේ ඔයා නම් මාරම දක්ෂයි ඇත්තටම ඔයා තමයි මගේ role model එක❤️author කෙනෙක් වෙනවනම් වෙන්න ඕන ඔයා වගේ කෙනෙක් කියලා තමයි මට නම් හිතෙන්නේ. 
            මේ වගේ ලස්සන කතා ගොඩාක් ඉස්සරහටත් ගේන්න හොඳේ. අනේ රූයාන් නම් ඉවර කරන්නේ නැතුව හිටියත් කමක් නෑ අප්පා මට දැන් හේමදෝලි නැතුව මගේ ජීවිතේ imagine කරගන්නත් අමාරුයි වගේ  එක්කෝ මේක ඉවර උනාම season 2 එකකුත් ගේන්න   
            හරි එහෙනම් 15 වෙනි chapter එක important එකකුත්නේ යාන්ගෙ number එක 15 නිසා,  ඒ chapter එක අපේ බඩ බොකු ඇඹරිලාම යන්න ලියන්න ශක්තිය  දෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් මං යන්නම් එහෙනම් ❤️ ආදරෙයි!!! ❤️❤️ 
            
            ආ ආය අක්කා අහල තිබ්බ නේද ඇයි හේමදෝලි එකට කැමති කියලා, රූයාන් නිසා තමයි අනේ!! අනේ වැඩේ කියන්නේ මට එක්කෙනෙක් තෝරගන්න බෑ අප්පා මන් දිශාත්‍රටත් කැමති  අනේ ඔනෙල්ටත් කැමති හිතෙනවා ඒ අස්සේ දැන් දැන් 
            ඉක්මනට අරන් එන්න හොඳේ byee 
            
• Reply