A loving reflection
@Liversack අක්කව ආදරයෙන් මතක් කරනවා.
අද වෙනකොට mention කරාට වැටෙන්නෙ නැති නමක් , ඒත් හදවතෙ උඩින්ම ඉන්න චරිතයක්. මන් ඒ කවුද කියලා මූණට දැකලාවත් නෑ. අද මන් කතාවක් ලියනවනම් ඒ ලියන්න හිතට ආසාවක් ආවෙ Liversack අක්කගෙ කතා කියෝලා.
fv:- කස්තුරි සුවඳ
කෙනෙක්ට පුලුවන්ද එච්චර දැනෙන්න කතා ලියන්න කියලා අදටත් මන් මගෙන්ම අහනවා ඒ කතාව කියෙව්වම. ඒ තරම් හැඟීම් අර්ථකථනය කරලා තියෙන විදිය මාරයී .
ඇස් දෙකෙන්ම දැකලා කතා කරන්නම ඕන කියලා හිතුන චරිතයක්. ඉතිම් එයා ගොඩක් අයට ලස්සන මතක දීලා යන්න ගිහින්. ඉල්ලන්න පුළුවන් නම් ආයෙ wattpad එන්න අක්කේ ඇවිත් කතා ලියන්න කියලා ඒක ආත්මාර්ථකාමීත්වයක් වෙනවා. අපි හැමෝගෙන මනස නිරවුල් කරලා ලස්සන කතා ලීව කෙනා මේකෙන් සමහර දේවල් නිසා අවුල් වෙලා ඉන්නවනම් එහෙම ඉල්ලන එක වැරදී. ඉතිම් සුබ අනාගතයක් අක්කට .
ආයෙ එනකන් අපි බලන් ඉන්නම්. එදා වගේම අදත්, අද වගේම හෙටත් ඔයාගෙ ආදරණීය Fan කෙනෙක් මම...!
_ShInNy KL_