Gethmini012

හෝලා!
          	
          	ප්ලම් කුසුම අරගෙන ආවා ළමයිනේ! ❤️
          	
          	"අක්කණ්ඩි, අපටත් හැකියිනේ ආලෝක පහන් දල්වා ප්‍රාර්ථනා කරන්නට... පැමිණෙන්නකෝ..."
          	
          	"පමාවන්නට පෙර අප යළිත් මාළිගයට යා යුතුයි, මගේ සකුරා කුසුම."
          	
          	https://www.wattpad.com/story/388479706

Gethmini012

හෝලා!
          
          ප්ලම් කුසුම අරගෙන ආවා ළමයිනේ! ❤️
          
          "අක්කණ්ඩි, අපටත් හැකියිනේ ආලෝක පහන් දල්වා ප්‍රාර්ථනා කරන්නට... පැමිණෙන්නකෝ..."
          
          "පමාවන්නට පෙර අප යළිත් මාළිගයට යා යුතුයි, මගේ සකුරා කුසුම."
          
          https://www.wattpad.com/story/388479706

Gethmini012

නොමළ ඇහැළ... now availabile at Sarasavi Bookshops! ❤️✨
          
          මෙතන ඉන්න ගොඩක් අයට Sas_lis_cat, එහෙම නැති නම් සසොරිව මතක ඇති...  @wild_flowerliz 
          
          Homophobia, බැද්ද වගේ fandom බර ගාණක fanfiction වල ඉදලා, කඳුළැලි වගේ Wattpad original එකක් වෙනකල් ආපු අපේ සස්, අද තවත් පියවරක් ඉස්සරහට තියනවා.
          නිහාරාගේ කතාව, එහෙම නැත්නම් නොමළ ඇහැළ අද වෙනකොට සුවඳ හමන පොතක් විදියට එළිදැකලා ඉවරයි! ඔන්න ඔයාලට 24 වෙනිදා ඉඳලා කොළඹ අවට සරසවි bookshops වලින් පොත ගන්න පුළුවන්.
          
          සස්, ඔයා ආවේ දිග ගමනක්. ඒත් මේක පටන්ගැන්ම විතරයි... ළපටි කුරුළු පැංචෙක් විදියට අහස දිහා බලාගෙන හීන මවපු ඔයා, අහසේ ඈතම කෙළවර පවා අල්ලන්න පියාඹන තටු හයිය කිරිල්ලියක්⁣ වෙන දවස වෙනකල් මම බලාගෙන ඉන්නවා! 
          
          Fly high, girl... the clear blue sky is all yours! ❤️
          
          නොමළ ඇහැළ ගැන:
          ඒක තවත් එක පොතක් නෙමෙයි... නොමළ ඇහැළ කියන්නේ හැඟීම් ගොන්නක්! පරිස්සමින් කියවන්න, ලස්සනට පේන, සුමුදු සුවඳ මලකට පුළුවන් මනුස්සයෙක්ගේ හදවත මැද්දෙන් ඉඳිකටු තුඩක් යවලා පාරවන්න! 
          
          මේ සුවඳ හමන පොතේ ගොනු වුණ ඇහැළ මල් කතාව මාව වගේම ඔයාලවත් අමුතුම සිතුවිලි ගොන්නක අතරමං කරයි, මට විශ්වාසයි! ❤️
          
          ~ගෙත්

Vinu_Adi

@Gethmini012 ඒ නොමල ඇහැල සීන් එක මොකද්ද
Reply

Gethmini012

Hola hola!
          
          Cover shop එකක් ගැන කියන්නයි මම අද ආවේ... ❤️
          
          ඔයාලගේ පොත් වලට ලස්සනම කවරයක් හදාගන්න අපේ මැඩම් ලාන් @_Lan_kimra අක්කගේ Ship Shoppe එකට යන්න...
          
          අක්කා ප්ලම් කුසුමට ලස්සනම කවර සෙට් එකක් හදලා දුන්නා ළමයි... ඔයාලගේ කතාවලටත් high quality book cover එකක් හොයනවා නම් highly recommended! ❤️
          
          https://www.wattpad.com/story/337880204

_Mashi00

කැහැම්! දයාබර ගෙත් පාලිකාවනී, අපට අවුරුදු තෑග්ගක් දෙන්නේ නැත්තෙ කිමද? හරි වේදනයි මට

Gethmini012

@_Mashi00 ඔන්න තෑගි අරගෙන ආවා... =) ❤️
Reply

_Mashi00

@Gethmini012 අනේ ඒකට කමක් නෑ ඒයී. ඔයා ඉස්සල්ලා relax වෙලා ඉන්නකෝ. පස්සේ නිදහසේ කතාව අරන් එන්නෝ❤️
Reply

Gethmini012

@_Mashi00 අවුරුදු තෑගි දෙන්න තියා හුස්ම ගන්නවත් බැරුව හිටියෙ ළමයෝ... හෙමීට දෙන්නම් හාද ❤️
Reply

Gethmini012

හෝලා!
          
          අලුත් අවුරුද්දක් ඇවිත්. 
          වෙන විදියකට කීවොත් අපි ඉන්න මේ පුංචි ගෝලය ඉර වටේ තවත් දවස් තුන්සිය හැට පහක් ගිහින් ඉවරයි... ඉතින් ඒ කාලය ඵලදායීව ගෙවෙන්න ඇති කියලා විශ්වාස කරනවා. 
          
          ඒ වගේම, මම ඔයාගෙන් අහන්නද, අද දවස කොහොමද කියලා? අදින් ඇරඹෙන මේ දවස් තුන්සිය හැට පහ ගැන ඔයාට හිතෙන්නේ කොහොමද කියලා? 
          
          
          ඔයාලගේ උත්තර බලාපොරොත්තු වෙන අතරෙම මම පුංචි කතාවක් කියන්නම්. 
          
          මීට කාලෙකට කලින්, සමහර හීන බිඳිලා යද්දී, සමහර අරමුණු නැති වෙන්න කටයුතු යෙදෙද්දී, මම විශ්වාස කරපු එකම එක හීනයක් තිබුණා. ඒ කාලේ පුරාවටම මගේ අරමුණු ආය ආයම මතක් කර කර, මට ඉස්සරහට යන්න උදව් කළේ ඒ හීනය... ළගදීම ඒ හීනය හැබෑ වෙනවා. අවුරුදු එක හමාරක් තිස්සේ දුවපු රේස් එකක අවසානය දැන් මගේ පේන මානයේ. 
          
          ඒ එක්කම, මගේ අනිත් හීන, මගේ අනිත් අරමුණු ගොඩකට මම ටිකින් ටික ළං වෙනවා. 
          
          ඉතින් මම විශ්වාස කරනවා, අපිට හීන අල්ලන්න පුළුවන්!
          
          
          අහන්න දරුවෝ... ඔයාගේ ඉස්සරහ තියෙන ට්‍රැක් එක කොච්චර අඳුරු වුණත්, පටු වුණත්, ⁣අතුරු සිදුරු නැති වෙන්න තරගකාරයෝ හිටියත්, ඔයා විතරක්ම හිටියත්, ඒ රේස් එක ඔයා දුවන්නම ඕන එකක්!
          ඒ ට්‍රැක් එකට බහින්න, ඔයාගේ උපරිමයම දෙන්න... ඔයාට දිනන්න පුළුවන්! 
          
          ඉතින්, අදින් ඇරඹෙන මේ දවස් තුන්සිය හැට පහත්, ඔයාල⁣ගේ හීන වෙනුවෙන්, අරමුණු වෙනුවෙන් කැප කරන්න... අපිව ජීවත් කරවන බලාපොරොත්තු නැති කරගන්න එපා. 
          මට විශ්වාසයි, ඔයාලා හැමදෙනාම මේ ගමන සාර්ථකව නිම කරාවි.
          
          ඔබ සැමගේ සකලවිධ සුබ සිහින සැබෑ වන නව වසරක් වේවා! ❤
          
          ~ගෙත්
          
          
          පසුව ලියමි: මේ තියෙන්නේ හරියටම අදට අවුරුදු දෙකකට කලින් ලියපු පුංචි කතාවක්... කියවලා බලලා අදහසක් කියාගෙන යන්නත් අමතක කරන්න එපා... ❤️
          
          "මට නුඹ තවමත් මගේ සාෂෙන්කාමයි... තිරිඟු පැහෙන කාලෙට මා ළඟින්ම තිරිඟු නෙලාපු, වැහි කාලෙට මා එක්ක වැස්සේ නටාපු සාෂෙන්කාමයි... නුඹටත් මා ගැන තියෙන හැඟීම නොවෙනස් නම්... අයිලයේ වුණ හැමදෙයක්ම අයිලයේම වළලා මා එක්ක වරෙන්..."
          
          https://www.wattpad.com/story/339387493

Gethmini012

@Madushika_Ramanayake එසේම වේවා අක්කේ! ❤️ 
            හදිස්සියක් නෑ අක්කා... හෙමීට කියවන්න ❤️
            
            
            හැබැයි මේක නම් ඔයා කියෙව්වද කොහෙද... සාෂාගෙයි ආර්ලාගෙයි කතාව... =D
Reply

Gethmini012

@_Mashi00 එසේම වේවා සුදු නෝනා! =) ❤️
Reply

Gethmini012

හෝලා ළමයි!
          
          පහුගිය කාලේ අහන්න දකින්න ලැබුණ දේවල් මැද මම නිහඬව හිටියා. ඒත් තවත් මේ ගැන මුකුත් කතා නොකර හිටියොත් ඒක වැරැද්දක් කියලා හිතෙනවා.
          
          පහුගිය කලේ පොත්වල pdf හොයන එක රැල්ලක් වුණානේ... පැහැදිලිවම කියනවා නම් වෙබ් හා ඇප් ආකාර දෙකෙන්ම සල්ලි නෙගෙවා කියවන්න පුළුවන් Wattpad stories වල pdf? ලේසියෙන්ම account එකක් ඇතිව හෝ නැතිව කියවන්න පුළුවන්කම තියෙද්දී, ඒක තව pdf කරලත් ඕන කියනවා නම් ඒ පුද්ගලයට පැහැදිලිවම මානසික ප්‍රතිකාර අවශ්‍යයි.
          
          සමහරු හිතනවා මේක අදාල වෙන්නේ මුද්‍රිත පොත්වලට විතරයි කියලා. මේක ඒවාට වගේම ඔන්ලයින් ලියන පොත්වලටත් එක විදියටම බලපානවා. ඒක දැනගෙන හිටි⁣යේ නැත්නම් මීට පස්සේ Wattpad පොතක් කියවන්න කලින් description එකේ යට බලන්න. එතන All rights reserved කියලා තියෙනවා නම් ඒක copyrighted material එකක්. 
          
          ඒ කියන්නේ කර්තෘගේ අවසරයකින් තොරව මේකෙන් කරන ඕනෑම උපුටා ගැනීමක්, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික මාධ්‍යයකින් පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම, ව්‍යාජ පිටපත් සැකසීම හා අලෙවි කිරීම සම්පූර්ණයෙන්ම තහනම්!
          මතක තියාගන්න, නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් නෙමෙයි! 
          
          පහුගිය කාලේ කීප වතාවක්ම කතාවල pdf හදලා ඒවා share කරන හැටි මම දැක්කා. අද ⁣එක කතාවකට pdf හැදුණට දවසක මේකේ තියෙන හැම කතාවකටම වුණත් pdf හැදෙන්න පුළුවන්. ඔයාගේ කතාවට එහෙම වෙන එක ඔයාට දරාගන්න පුළුවන් ද? ඒ නිසා මේ pdf ජාවාරම නතර වෙන්නම ඕන දෙයක්.
          
          මගේ පාඨකයින්ව මම විශ්වාස කරනවා. ඔයාලට හොඳ නරක තේරුම් ගන්න වගේම හරි දේ අගයන්නත්, වැරදි දේ හෙළා දකින්නත් ශක්තියක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. 
          
          ඉතින් මම ඔයාලගෙන් ඉල්ලන්නේ, ⁣මේ අපරාධයට විරුද්ධව නැඟී සිටින්න කියලයි! Pdf ඉල්ලන, pdf හදන වගේම ඒවා share කරලා මේ ජාවාරමට උදව් කරන හැම කෙනෙකුටම විරුද්ධව නැඟී සිටින්න, දුටු තැන ඒකට විරුද්ධව කතා කරන්න, ඒ channels, accounts report කරන්න. 
          
          ඕතර්ලා විතරක් මේකට විරුද්ධ වුණාට මදි, අපිට පාඨක ඔයාලාගේ සහයෝගය අනිවාර්යෙන්ම ඕන! මං විශ්වාස කරනවා ඔයාලා අපිට ඒක දේවි කියලා.
          
          Thank you! ❤️
          
          ~ ගෙත්

Nayoz_

@Gethmini012 ඔව් අප්ප 
Reply

Daas_Nish

@Gethmini012 අනිවාර්යෙන්ම...!
Reply

Daas_Nish

මම මේ හොයාගෙන ආවේ දිගටම අප්ඩේට්ස් දෙනවයි කිව්ව හැලයව

Daas_Nish

@Gethmini012 මම දැනගතිමි මම සැක කලෙමි 
Reply

Gethmini012

@Daas_Nish * වතුරේ පාවෙන කිඹුල් ස්ටිකරේ* අවුරුදු කාලා ඈ... XD
Reply

Gethmini012

Hola hola! 
          
          I can’t believe how fast time has flown—it’s already been five years since I started using Wattpad! Looking back, I’m beyond grateful for everything I’ve achieved and the incredible journey I’ve had so far. 
          
          Wattpad, thank you for helping me grow and for opening new doors and possibilities for me.  
          
          To my dearest readers, you have been with me from the very beginning, and I couldn’t have done this without you. Your unwavering support has made @Gethmini012 a name to remember. You’ve stood by me as the most loyal and wonderful readers, always encouraging me and sharing your thoughts. You’ve read everything I’ve written, given me your honest opinions, and helped me grow. I owe so much to you—thank you from the bottom of my heart! 
          
          To my fellow authors, I’m so grateful to be part of this incredible community. The years we’ve spent together have been amazing, and I look forward to many more, sharing our stories and celebrating each other’s successes. 
          
          And most importantly, to my dear friends, you’ve been my rock through all the ups and downs, no matter how many miles separate us. Your encouragement, kindness, and unwavering support mean the world to me. I’m truly lucky to have met you guys. 
          
          And before I wrap this up—I have a very special announcement coming soon! It’s something really exciting, and I can’t wait to share the big news with you all. Stay tuned! 
          
          Here’s to five years—and many more to come! 
          
          Salud! 
          
          ~Geth ❤️

Gethmini012

@Nayoz_ අල තැම්බුණාම ගෙනත් දෙන්නම් හාද??
            ස්තූතියි ❤️
Reply