PantherQueen
- Reads 294
- Votes 81
- Parts 10
"සමහර මෝසම් වැසි, පුංචි ආදර කතාවකට ඔරොත්තු දෙන්න බැරි තරම් දරුණුයි."
ලෝකයා ඉස්සරහා සෙනුර කියන්නේ නොසැලෙන, ශක්තිමත් පිරිමියෙක්. හැබැයි හන්තාන කන්ද පාමුල මහා මෝසම් වැස්ස කඩා හැලෙද්දී, සමාජයට හොරෙන් තමන්ගේ දරාගන්න බැරි වේදනාවේ කඳුළු හංගන්න ඔහුට ඉතිරි වෙන්නේ ඒ මහ වැස්ස විතරයි.
'හන්තානට පායන සඳ' නවකතාවෙන් දිගහැරෙන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාල භූමියේදී අහම්බෙන් හමුවුණු ආදරවන්තයින් දෙන්නෙකුගේ දුක්බර ආදර කතාවයි. ගමෙන් ආපු, අසරණ, නිහඬ සෙනුර සහ කොළඹ උසස් පවුලක හැදුණු, වැස්සටත් වඩා නිදහස් සංජානා. එකම පුංචි රෝස පාට කුඩයක් යටින් පටන් ගත්තු ඔවුන්ගේ නිහඬ ආදරයට, සමාජ පන්ති පරතරය සහ පවුලේ වගකීම් කියන දරුණු කුණාටුවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. සෙනුරට තේරුම් යනවා තමන්ගේ ලෝකය එළිය කරපු ඒ රිදී සඳ, තමන්ට කවදාවත් අල්ලන්න බැරි තරම් උස් අහසක අයිතිකාරියක් කියලා.
කිසිම දුෂ්ටයෙ