PantherQueen
වයස විසිහතරක් වුවත් කිසිම රස්සාවක් නොකරන සචින් ජීවත් වෙන්නේ තමන්ගේම මවාගත්තු ලෝකෙක. ඌ හිතාගෙන ඉන්නේ ඌ ලංකාවේ ඊළඟ බිලියනර් තාක්ෂණික CEO කියලා. ගෙදර පරණ බඩු එකතු කරලා "ත්‍රීවීල් එකෙන් අඟහරු ලෝකෙට යන Space Program" හදන, "කොත්තු කෝපරේෂන්" ගැන හීන දකින සචින්ගේ මේ සද්දෙට හිනාවෙන බාහිර පෙනුම පිටුපස තිබුණේ ඇත්තටම සමාජයට මුහුණ දෙන්න බැරි වීමේ මහා බියක්. දහනව හැවිරිදි සවිඳුට තමන්ගේ ලොකු අයියා කියන්නේ තේරුම් ගන්න බැරි මහා ප්‍රහේලිකාවක්. නමුත්, නොසිතූ මොහොතක ජීවිතේ සැබෑ යථාර්ථය සහ ප්‍රශ්න මේ කුඩා නිවසට කඩා වදිද්දී, ඔවුන්ට එතෙක් තිබූ හිනාව එකපාරටම නතර වෙනවා. හීන විකුණන මල්ලි යනු ව්‍යාජ වෙස්මුහුණු ගලවා දමා, ජීවිතේ අභියෝගයන්ට මුහුණ දෙමින්, බිංදුවේ සිට සැබෑ ජීවිතය සහ සැබෑ හීන ගොඩනගන්නට වෙහෙසෙන සහෝදරයන් දෙදෙනෙකුගේ සංවේදී කතන්දරයයි.