sithu_writer_
🥀🌸 මන්දාරම් වලව්ව 🌸🥀
සමහර ආදර කතා ලියවෙන්නේ හමුවීම්වලින්... තවත් සමහර කතා ලියවෙන්නේ වෙන්වීම්වලින්...
ඒත් මේ කතාව ලියවෙන්නේ හදවත් තුනක නොකියූ හැඟීම්වලින්. ❤️🩹
එකම වලව්වක සෙවණ යට හැදී වැඩුණු අමායා, දේවින් සහ සෙහන්...
එක් හදවතක් ආදරය කළා. තවත් හදවතක් ඒ ආදරය වෙනුවෙන් නිහඬව බලා සිටියා. ඒත් තවත් හදවතක්... තමන්ගේ ආදරය තෝරාගන්නටත් පෙර දෛවය ඉදිරියේ අසරණ වුණා.
සමාජ තරාතිරම්, පවුලේ ගෞරවය, නොකියූ වචන සහ අහිමි වූ අවස්ථා අතරේ ඔවුන්ගේ ජීවිත කොයිබට ගලා යාවිද?
වලව්වේ උයනේ පිපෙන මන්දාර මලක් සේ සුන්දරව ආරම්භ වන මේ කතාව, කඳුළුවලින් තෙමුණු මතකයක් වේවිද?
නැත්නම් සියල්ල අහිමි වූ පසුවත් ආදරයට නැවතත් පිපෙන්න පුළුවන් වේවිද?
මන්දාර මලක් මැලවුණත්... ඒ සුවඳ මතකවලින් මැකී යාවිද? 🥀
ආදරය, කැපකිරීම්, අහිමිවීම් සහ නැවතත් හිනාවෙන්න ඉගෙන ගන්නා හදවත් තුනක කතාව...
🌸 මන්දාරම් වලව්ව 🌸