Lunaby_resh
- Reads 806
- Votes 41
- Parts 11
මන්දාකිණි 🌌
අහිමි මතකයක සදාතනික තනිකම
මන්දාකිනියක් කියන්නේ...
තරු, ග්‍රහලෝක, දූවිලි සහ අසීමිත අඳුර අතරින්
නිර්මාණය වූ විශාල ලෝකයක්.
ඈතින් බැලූ විට එය සුන්දරයි...
ඒත් ඒ සුන්දරත්වය ඇතුළේ
කොතරම් නොදන්නා කතා සැඟවී තියෙනවාද?
හදවතත් එහෙමයි...
පිටින් නිහඬව තිබුණත්,
ඇතුළත අතීතයේ සෙවනැලිත්, නොකියූ කතාත් සඟවාගෙන ඉන්නවා.
කාලය ගෙවුණත්...
සමහර මතකයන් හිතෙන් මැකෙන්නේ නැහැ.
කියන්න බැරිවුණු වචනත්,
අතහැරගන්න බැරිවුණු හැඟීම්ත්,
අවසන් නොවුණු පොරොන්දුත්...
නිහඬවම හිතේ කොහේ හරි තැනක රැඳිලා තියෙනවා.
මේ...
අහිමි වූ සියල්ල අතරින්
තවමත් ඉතිරි වූ මතකයක කතාවයි.
🌌 මන්දාකිණි
එ ක් හදවතක නිහඬව සඟවාගත්
අතීතයක ආවර්ජනය.