poison_ivyy
- Reads 1,227,026
- Votes 9,188
- Parts 10
𝕾𝖈𝖍𝖔𝖔𝖑 𝕽𝖔𝖒𝖆𝖓𝖈𝖊 | ᴮᴸ
පැය කාලක් විතර, දොරකඩ බිම වාඩිවෙලා ඉදන්.... රුද්වි රතුම රතු වුණ ඇස්වලින් මං දිහා බලන් ඉන්න වෙලා.
මම සොෆා එකේ ඉදන් ඒ ඇස් මගහරින්න වෙලත් එච්චර වෙලා.
මගෙ ශර්ට් එකත් නෑ.
මට ලැජ්ජයි එහෙන්.
රුද්වි ශර්ට් එක නැතුව හිටියා කියලා ඉන්නෙ ගානක් වත් ඇතුව නෙවෙයි.
කහ වතුරට කහ පාට වෙලා.. වෙනදට ඌ කැන්වස් පාට නෙ.
මම බැරිම තැන, රුද්විගෙ මූණ දිහා බලලා.. දත් පෙන්නලා හිනා වෙන්නෙ බෙල්ල කසන ගමන්.
රුද්වි තව රවනවා විතරයි.
මම මූණ ඇඹුල් කරන් නියපොත්තක් කකා තොල් උල් කරගන්නෙ රුද්වි... හොරෙන් ගෙටත් පැනලා මට රවන හින්දා.
.............
.............
" හොරෙක් වාගෙ ගෙදරට පැනලා මිරිස් වතුර නාගෙන මට රවන්නෙ ඇයි?! මුලින් කැති පාර නොදී කහ නාවපු එකට සතුටු වෙයන්. රෙද්ද.. "
" ආ-න්ටි මට ඇතුලට එන්න කිව්වෙ. " ආන්ටි කියන එක රුද්වි කියන්නෙ නිකන් කොටියෙක් ගොරවනවා වගේ. මම රුද්වි දිහා බලන් බාගෙට කාපු නියපොත්ත