__YESHA__
- Reads 14,287
- Votes 931
- Parts 14
"උඹට කවදාවත් බැ මගේ කවුරුත් වෙන්න... නිකං හීන නොදැක ඉදපන්..."
සනුක, ගනිදුගේ උරහිසෙන් අත තද කරලා, පස්සට තල්ලු කරේ ගනිදුව අඩියක් පිටි පස්සට විසි වෙන්න. නොරිස්සුම් බැල්මකින් රවන ගමන් ගනිදු දිහා බැලුව සනුක ආපස්සට හැරිලවත් නොබලා යන්න ගිය.
වටපිටාවම නිහඩ වෙලා හා ගිය මොහොතක තමන්ගෙන් ඈතට යන සනුක දිහා, ගනිදු ඔහෙ නිහඩව බලා හිටියා. ඇස් කොනින් පෙරිලා ආව කඳුළක්, කම්මුල දිගෙ හෙමින් ගලන් ගියේ කදුළු උණුහුමවත් ගනිදුට නොදැනි යනකොට.
"උඹ කොච්චර 'බැ' කිව්වත්..."
බිමට මුන බර කරන් හිටිය ගනිදුගේ හඬ වෙව්ලන ස්වරයකින් පිටවුනේ ඉකිබිදුක් එක්ක.
"මට පුළුවන් උඹේ හතුරා වෙන්න...
ඒත් බැරිනම්, හොඳ යාලුවෙක් වෙන්න...
ඒකත් මට බැරිනම්- "
හුස්මත් හිර කරන් ගනිදු එයාට අඩි තුන හතරක් දුරින් ඉන්න සනුකට ඇහෙන තරම් සද්දෙකින් කෑ ගැහුවා.
" එත් බැරිනම්.. මට පුළුවන් උඹට ආදරේ කරන්න, සනුක!"
මුළු ග්‍රවුන්ඩ් එකම දෙදරන තරම