PantherQueen
- Reads 5,841
- Votes 140
- Parts 21
"මිනීමරුවෙක්ට වුණත් හදවතක් තියෙන්න බැරිද?"
අතේ තවරුණ ලේ හෝදලා ඉවර කරන්න බැරි බව එයා දන්නවා.
ඒත් රෑට නිදාගන්න බැරි වෙන්නේ ඒ ලේ නිසා නෙවෙයි...
එයා බේරගන්න බැරි වුණ කෙනෙක්ගේ අවසාන හුස්ම නිසා.
මිනිස්සු එයාව දැක්කේ සෙවනැල්ලක් විදියට.
පිහියක් අතේ තියෙන යක්ෂයෙක් විදිහට.
හැබැයි කවුරුත් දැක්කේ නෑ, එයාගේ ඇස් වල තියෙන නිහඬ කඳුළ.
ඔව්, එයා මැරුවා.
ඒත් එයාගේ ඇතුළේ තාමත් මැරිලා නැති එකම එක දෙයක් තියෙනවා...
පුවේ තුවාලේට වඩා රිදෙන්නේ,
එයා තාමත් මනුස්සයෙක් කියලා මතක් වෙන මොහොතවල්.
කවුරුහරි අසරණ කෙනෙක් දැක්කම හිතේ ඇතිවෙන වෙව්ලීම.
රාත්රියේ නිහඬතාවයේ ඇහෙන "ඇයි මම?" කියන හඬ.
මිනීමරුවෙක් කියන්නේ හිතක් නැති කෙනෙක් නෙවෙයි.
හිත රිදුනම කොච්චර රිදෙනවද කියලා දන්න නිසාම,
අනිත් අයට ඒ රිදීම දෙන්න බැරි වුණ කෙනෙක් වෙන්න පුළුවන්.
ඒ නිසයි අහන්න ඕනේ...
අතේ ලේ තිබුණට,
හිතේ තාමත් ආදරයක්,